Wednesday, May 14, 2025
Follow Us
ලබන 22 සිට නීති කඩන රියදුරන්ගේ දඩ කොළය නිවසටම

කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතිය උපයෝගි කර ගෙන මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන මෙම 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

එම වැරැදි සඳහා අදාළ දඩ පත්‍රිකා, වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බව ද ඔහු පැවසීය.

කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සී.සී.ටී.වී කැමරා පද්ධති කලක් තිස්සේ පරීක්ෂාවට ලක් කර මෙම තීරණය ගත් බවත් සී.සී.ටී.වී. කැමරා සවිකර ඇති ස්ථානවල සිටින රථ වාහන පොලිස් නිලධාරීන් විසින් රියැදුරන්ගේ වැරදි අනාවරණය කර ගැනීමට වඩා තුන්සිය ගුණයක් සී.සී.ටී.වී කැමරා ඔස්සේ සිදු කළ නිරීක්ෂණයන්ගෙන් හසු වී ඇති බව ද වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.