Wednesday, May 14, 2025
Follow Us
තේ පොහොර මිල අඩු වෙයි

තේ පොහොර මිටියක මිල රුපියල් 8,500 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දැනට තේ සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල් 12,000 සිට රුපියල් 14,000 දක්වා වන නිසා බොහෝ වගාකරුවන් තේ වගාවට පොහොර යොදන්නේ නැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් තේ පොහොර මිටිය රුපියල් 8,500 කට දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.