Wednesday, February 04, 2026
Follow Us
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට ගැසට් කෙරේ

විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 වරාය ඇතුළත වූ ක්‍රියාවලියන් ආහාර හෝ පාන ද්‍රව්‍යයන් හෝ රට අඟුරු, තෙල් හෝ ඉන්ධන හෝ වෙනත් ගොඩබෑම, ගෙන යාම ගබඩා කිරීම බාරදීම, ගුවන් තොටුපළ, වරාය ඇතුළු ගුවන් මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට නම් කරන බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ජනවාරි තුන්වෙනිදා සිට බල පවත්වන පරිදි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.