Thursday, May 15, 2025
Follow Us
 ජංගම දුරකථනය මිලදී ගන්නන්ට දැනුම්දීමක් 

ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ජංගම දුරකථනයේ ඇසුරුමෙහි සඳහන් කර ඇති ඉමි අංකය වෙනත් ඕනෑම ජංගම දුරකතනයකින් IMEI ලෙස ටයිප් කර ඉඩක් තබා අංක 15කින් සමන්විත ඉමි අංකය ටයිප් කර කෙටි පණිවිඩයක් ලෙසින් “1909” ට යොමු කරන්න.

එවිට එම මොහොතෙහිම ඔබ මිලදී ගන්නා දුරකථනය  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත එකක්ද යන්න දැන ගත හැකි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ - (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දක්වන මේනකා පතිරණ මහත්මිය පවසා සිටින්නේ එසේ සිදුකිරීමෙන් ජංගම දුරකථන භාවිතයේදී ඔබට අනාගතයේදී පත්විය හැකි අපහසුතා එමඟින් වළක්වා ගත හැකි බවයි.