Thursday, February 05, 2026
Follow Us
පාසල් සිසුන් ලක්ෂ අටකට පාවහන් ගැනීමට වවුචර්පත්

ඉතිරි සති දෙක තුන තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලබා දෙන මෙම දීමනාව ඉදිරි 2024 වර්ෂයේ දී තවදුරටත් වැඩි කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.