Thursday, February 05, 2026
Follow Us
ඉදි කෙරෙන ග්‍රාමීය නිවාස 25,000ට සූරිය පැනල

ග්‍රාමීය නිවාස 25000ක් ඉදි කිරීම සහ එම නිවාස සදහා වහලය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡාවක් නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග අද (27) පැවැත්විණි.

පෞද්ගලික මුල්‍ය ආයෝජනයක් මත නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව මෙය සිදු කිරීමට අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතිය මගින් අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් නව නිවාස ඉදි කිරීමට අපේක්ෂා කරන අතර එම නිවෙස් වල වහලය මත සවිකරන සූර්ය පැනලවල විදුලිබලය ජාතික පද්ධතියට ලබාදීමෙන් ලැබෙන ආදායම මගින්, නිවාසය ඉදිකිරීමේ හා සූර්ය පැනල වෙනුවෙන් වැය වූ මුදල් ආවරණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

ව්‍යාපෘතියේ ආයෝජනය, ඉදිකිරීම් සහ ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අදාළ පාර්ශවකරුවන් සමග සාකච්ඡාවට ගැණිනි.