Thursday, February 05, 2026
Follow Us
2023 වර්ෂයේ පාසල් කාලසටහන නිකුත් වෙයි

රජයේ පාසල්වල මෙම වසරේ දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අද (24) ආරම්භ වී අගෝස්තු මස 17 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාතයංශය පැවසුවේ දරුවන්ට අගෝසතු 18 වැනිදා සිට 27 වැනිදා දක්වා නිවාඩුවක් ලැබෙන බවත් දෙවැනි පාසල් වාරයේ දෙවැනි වැනිදා අදියර අගෝසතු 28 වැන්දා සිට ඔක්තෝබර් 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත්ය.

තුන්වැනි පාසල් වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් මස 24 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි දෙවැනි අදියර ලබන වසරේ (2024) ජනවාරි මස 1 වැනිදා සිට පෙබරවාරි  16 වැනිදා දක්වා පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.‍

මෙම කාලය තුළ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දරුවන්ට නිවාඩුවක් හිමිවේ.