Thursday, February 05, 2026
Follow Us
මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම කාලය තුළ නිකුත් කර තාවකාලික රියදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.