Thursday, February 05, 2026
Follow Us
මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක්

මුස්ලිම් බැති මතුන්ගේ හජ්ජි උත්සව දිනය ( ඊදුල් අල්හා ) ජුනි 29 බ්‍රහස්පතින්දා දිනට යෙදී ඇති අතර, ඒ හේතුවෙන් එදිනට පසු දින, එනම් ජුනි 30 සිකුරාදා දින සියලුම මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


එම විශේෂ පාසල් නිවාඩු දිනය වෙනුවෙන් 2023.07.08 සෙනසුරාදා දින හිලව් සැසි පැවැත්විය යුතු බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් දන්වා සිටි.