Friday, February 06, 2026
Follow Us
විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයෙකුට ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් 117 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.


ආපදා තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරමින් ඊට කල්තියා මුහුණදීමට පියවර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙයි.