Friday, February 06, 2026
Follow Us
ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට නව පත්වීම්

දිවයින පුරා පිහිටි ආයුර්වේද රෝහල්හී වෛද්‍ය නිලධාරී හිඟය මග හරවිමින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගී ජනතාව වෙත ගුණාත්මක, කාර්යක්ෂම වෛද්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික සේවයේ වෛද්‍ය නිලධාරීන් සඳහා නව පත්වීම් ප්‍රදානය පසුගියදා මහරගම නාවින්න පිහිටි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතයේදී සිදු කෙරිණි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා විසින් සිදු කරන ලද විශේෂ ඉල්ලීමක් මත ලබා ගන්නා ලද අමාත්‍ය මණ්ඩල අනුමැතියකට අනුව ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට අයත් ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් 54 දෙනෙකු හා සිද්ධ වෛද්‍ය නිලධාරීන් 07 දෙනෙක් ඇතුළුව වෛද්‍ය නිලධාරීන් 61 දෙනෙක් සඳහා පත්වීම් පිරිනැමිණි.

එම වෛද්‍ය නිලධාරීන් මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් වෙත සහ පළාත් ආයුර්වේද රෝහල් වෙත සේවයට අනුයුක්ත කිරීමට නියමිතයි. තවද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිට අභ්‍යන්තර උසස්වීම් ලද 15 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ද මෙදිනසිදු විය.