Friday, February 06, 2026
Follow Us
 පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කෙරේ

ඇමෙරිකානු ඩොලර් මිලියන 5.2ක කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ කොරියානු සමාගම්වල ඉදිකිරිම මත සිදු කරන ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සහ එහි කටයුතු ආරම්භ කිරීම අද (31) සිදු කෙරිණ.

මෙම ව්‍යාපෘතිය ලංකාවේ පළමු ජලය මත ඉදි කරන සූර්ය බලාගාර ව්‍යපෘතිය වන අතර මෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙකක් සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරි ඉබ්බන් වැව මත ඉදි කරනු ඇත. 

මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් කිරීමට බලාපොරොත්තු වේ.