Friday, February 06, 2026
Follow Us
ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණයක්

ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඊයේ (25) පැවති ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළඳ සහ අලෙවි අංශ සමග පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගත් බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
මෙහි දී ඉදිරි ඉන්ධන ආනයන සැලසුම, බෙදාහැරීමේ සැලසුම මෙන්ම තෙල් සංස්ථා මුල්‍ය තත්ත්වය පිළිබඳව ද දීර්ඝව සාකච්ඡාවක යෙදී තිබේ.