Wednesday, May 14, 2025
Follow Us
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද දිනයේන් අවසන් වීමට නියමිතව ඇත.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 30 සහ 31 වන දා පැවැත්වෙනු ඇති අතර දුම්රිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියෝජිතයින් ආරම්භ කර ඇති වැඩ වර්ජන හේතුවෙන් ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමේ දිනය කල් යාමට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් ඒ පිළිබඳව තීරණය කිරීම සඳහා අද දිනයේ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඔහු සඳහන් කළේය.

(Aruna)