Wednesday, May 14, 2025
Follow Us
වර්ජකයින්ගේ වැටුප් විෂමතා විමර්ශනයට පත් කළ කැබිනට් අනු කමිටුව අද රැස්වෙයි

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා විමර්ශනයට පත් කළ කැබිනට් අනු කමිටුව අද රැස්වීමට නියමිතව ඇත.

වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව නිර්දේශ කැබිනට් අනු කමිටුව විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

එහිදී රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගියදා පත් කළ එස්. රනුක්ගේ කමිටුවේ වාර්තාවේ නිර්දේශ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසකගෙන්අදාළ කැබිනට් අනු කමිටුව සමන්විතය.

(Aruna)