Wednesday, February 04, 2026
Follow Us
දිල්රුක්ෂි ඩයස් ගේ වැඩ තහනම් කෙරේ

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග මතභේදාත්මක දුරකතන ඇමතුමක නියැලුණු නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණය එම සභාවේ ලේකම්වරයා විසින් දුරකථන මාර්ගයෙන් අද (24) නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ.

මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (23) දිනයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකරනු ලැබුවා.

(Neth)