Wednesday, February 04, 2026
Follow Us
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඔක්තෝබර් 30 සහ 31

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දින ලෙස ලබන ඔක්තෝබර් 30 සහ 31 දෙදින නම් කිරීමට ඊයේ (23) මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (23) රාත්‍රී නිකුත් කිරීමට නියමිතව තිබිණි.

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් පත් ලබාගැනීම ලබන 31 වැනිදා දක්වා බාරගන්නා බව මැතිවරණය කොමිසම්සභාව සඳහන් කරයි.

(Dinamina)