Wednesday, May 14, 2025
Follow Us
ඇමති සජිත් ජනපති කොමිසමට නොපැමිණෙයි – ලබන 23 යළි කැඳවයි

නිවාස සංවර්ධන අධිකාරියේ ලබා දී ඇති නීතිවිරෝධී පත්වීම් ගැන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් කටඋත්තරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට අද (20)පැමිණෙන ලෙස එම කොමිසමෙන් සිතාසි නිකුත් කර තිබුණි.

නමුත් එයට රාජකාරි හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පරීක්ෂණ ඒකකයට පැමිණ නොමැති අතර ඒ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පැමිණ ප්‍රකාශ කර ඇත්තේ අමාත්‍යවරයාට මෙම කටයුත්ත සඳහා පැමිණීමට නොහැකි බවත් ඒ වෙනුවට වෙනත් දිනයක් ලබා දෙන ලෙසත්ය.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනු ලැබුවේ අමාත්‍යවරයාට ලබන 23වන දින පෙරවරුවේ කොමිසමට පැමිණ කටඋත්තර ලබා දෙන ලෙසත් පස්වරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි.

එසේම එදිනට අවශ්‍ය ලිපි ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙසටද සභාපතිවරයා කියා සිටියේය.

(Aruna)