Tuesday, May 13, 2025
Follow Us
ඉහළම නිළයන්ට උසස් කෙරෙන නිල උත්සවය අද

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිලයටත්, හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නිලයටත් උසස් කෙරෙන නිල උත්සවය අද (19) පැවැත්වෙනවා.

ඒ, කොළඹ වරාය පරිශ‍්‍රයේදීයි.

මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට නායකත්වය දෙමින් එම නිලධාරීන් දෙදෙනා සිදුකළ සේවාව ඇගයීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉකුත්දා ඔවුන් දෙදෙනා එම ගෞරවණීය නිලයන්ට උසස් කරනු ලැබුවා.

එම නිලයන්ට ඔවුන් උසස් කිරීම සඳහා අද පැවැත්වෙන උත්සවය ති‍්‍රවිධ හමුදා ආචාර පෙළපාලියකින් සමන්විත වනවා.

(Neth)