Wednesday, February 04, 2026
Follow Us
හිස්බුල්ලා සහ පුත්‍රයා යළි කැඳවීමට දින දෙයි

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා ලබන ඔක්තෝබර් 09 වැනිදා හෝ 10 වැනිදා යළි කැදවීමට කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ, එම කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආණ්ඩුකාරවරයාට සහ ඔහුගේ පුත‍්‍රයා වෙත දැනුම්දී තිබුණ ද ඔවුන් ඊයේ (17) දිනයේ එහි පෙනී නොසිටිම හේතුවෙන්.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ රැස්වූයේ ද බැටිකලෝ කැම්පස් ආයතනය සහ හිරා පදනම පිළිබඳ විමර්ෂණයටයි.

කෙසේවෙතත් බැටිකලෝ කැම්පස් ආයතනය සහ හීරා පදනමේ බැංකු ගිණුම් පිළිබඳ ප‍්‍රකාශ ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක නිළධාරින් මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරින් ද කෝප් කමිටුව හමුවේ පෙනී සිටියා.

එහිදී අනාවරණය වී ඇත්තේ බැටිකලෝ කැම්පස් ආයතනය සහ හිරා පදනමේ හිමිකරුවන් ලෙස පෙනි සිටි හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා තම අභිමතය පරිදි ගිණුම් ආරම්භ කිරීමට රාජ්‍ය බැංකුවකට බලපෑම් කර ඇති බවයි. එහිදී අදාළ ආයතන විවිධ නම් වලින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පිළිබඳ ප‍්‍රශ්න කෙරුණා.

(Neth)