Wednesday, February 04, 2026
Follow Us
කම්කරු නීති වෙනස් කිරීම ගැන පැහැදිළි කිරීමක්

මෙරට කම්කරු නීති වෙනස් කිරීමට අමෙරිකාවේ බලපෑම් එල්ල වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

කෙසේ වෙතත් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර ප‍්‍රකාශ කළේ ඇතැම් කම්කරු නීති වෙනස් කළද සේවක අයිතිවාසිකම් කප්පාදු නොකරන බවයි.

මෙම අදහස් පළ කෙරුණේ පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවති විවාදය අතර තුරයි.

මේ අතර පඩි පාලක සභා සංශෝධන පනත් කෙටුම්පත, ශ‍්‍රම වාසනා සංශෝධන පනත් කෙටුම්පත සහ තවත් නියෝග කිහිපයක් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා.

(Neth)