Tuesday, May 13, 2025
Follow Us
ප්ලාස්ටික් භාවිතයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව මැතිවරණය පවත්වන්න සියලු පක්ෂ වලින් ඉල්ලයි

දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු හා නියෝජිතයින් අතර හමුව අද දින මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විය.

මෙම සාකච්ඡාව පෙරවරු 10.30ට පමණ ආරම්භ වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මෙන්ම සෙසු පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් එක්විය.

ඉදිරි මැතිවරණයේදී ප්ලාස්ටික් භාවිතයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ වලින් ඉල්ලා සිටියි.

(Aruna)