Wednesday, February 04, 2026
Follow Us
අගමැති රනිල් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ජනපති කොමිසමෙන් පිටව යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැය එක හමාරක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටව ගොස් ඇත.

පස්වරු 1.30 වන විට ඒ මහතා නැවත කොමිෂන් සභාව හමුවට නැවත පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවා ඇති බව ජනපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පසුගිය 12 වනදා කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව තිබුණු අතර මන්නාරම ප්‍රදේශයේ වැඩසටහන් කිහිපයක් ඇති බව දන්වමින් එදින කොමිසම හමුවේ පෙනී නොසිටියේය.

ඒ අනුව අද දින අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවීමේ සිතාසි යළි නිකුත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේය.

(Aruna)