Wednesday, February 04, 2026
Follow Us
පාස්කු ප‍්‍රහාරයෙන් විපතට පත් පවුල් කිහිපයකට වන්දි ප‍්‍රදානය අද

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මියගිය සහ විපතට පත් පවුල්වල සාමාජිකයින්ට වන්දි ප‍්‍රදානය අද සිදු කෙරෙනවා.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් මෙය අද පෙරවරුවේ පැවැත්වෙන්නේ කොළඹ අගරදගුරු නිල නිවසේදීයි.

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින්ට ප‍්‍රතිකාර සදහා මුදල් පිරිනැමීම මෙන්ම මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන්ට අයත් පවුල් 216 කට ප‍්‍රතිලාභ හිමිකර දීම මෙම වැඩසටහනේ අරමුණයි.

(Neth)