Wednesday, February 04, 2026
Follow Us
කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමවී ඇත.

ඒ අනුව නව මිල සුත්‍රය අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව එම කමිටුවේ සමාජිකයෙකු සඳහන් කළේය.

එය අනුමතවීමත් සමඟ මින් ඉදිරියට කිරිපිටි සංශෝධනය සම්බන්ධයෙන් සලකා බැලීම මෙම මිල සුත්‍රය හරහා සිදුකිරීමට නියමිත අතර කිරිපිටි මිල ගණන් ලෝක වෙළඳපොලේ උච්ඡාවචනය සැලකිල්ලට ගෙන මෙම මිල සුත්‍රය හරහා දේශීය වෙළඳපොළේ කිරිපිටි මිල ගණන් තීරණය කෙරෙන බව ජීවන වියදම් කමිටුව සඳහන් කරයි.

(Aruna)