මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (18) වීථි සංචාරය කෙරෙන අතර එය අද රාත්‍රී 6.52ට ශ්‍රී දළදා මාළිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාළිගාවට ගෙවැදීමට නියමිතයි.
අද සිට දින 5ක් අඛණ්ඩව කුඹල් පෙරහර වීථි සංචාරය කිරීමට නියමිත අතර ලබන 23 වන දින සිට රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතය.
මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ලබන 27 වන දින රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වේ.