බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සපයනු ලබන රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් කාර්යක්ෂම හා ඉහළ නැංවීමේ අරමුණින්, දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා නව ගිලන් රථ බෙදාදීමේ පසුගියදා (11) බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 181.5 කි. ඒ අතරින් ගිලන් රථ 5 සඳහා රුපියල් මිලියන 123.9 ක් ද, ඒ සඳහා අවශ්‍ය අතිනවීන වෛද්‍ය උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 57.6 ක් ද වැය කර ඇත. මෙලෙස නව ගිලන් රථ ලබා දෙන ලද්දේ දියතලාව මූලික රෝහල, වැලිමඩ මූලික රෝහල, බණ්ඩාරවෙල මූලික රෝහල, කොස්ලන්ද ප්‍රාදේශීය රෝහල සහ ලුනුගල ප්‍රාදේශීය රෝහල යන රෝහල් සඳහා ය.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන්ක් හෙන්නායක සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ සම්බන්ධ විය. මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, ඌව පළාත් සෞඛ්‍ය ලේකම්තුමා, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිටියහ.