මෙරට නිදහස් සෞඛ්ය සේවාවේ මානව සම්පත් ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව සෞඛ්ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ 4ක ක්ෂේත්ර 14ක් සඳහා පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය ලබන අගෝස්තු මස 01 වැනි දින පෙරවරු 9.00ට අරලියගහ මන්දිර පරිශ්ර රැස්වීම් ශාලාවේ දී සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වේ.
මෙහි දී කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්රාථමික ශිල්පීය සේවා, ප්රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්රාථමික ශිල්පීය නොවන සේවා යන සෞඛ්ය වෘත්තීය සේවාවන්ට අයත් වෘත්තිකයින් 1,444 දෙනෙකු සඳහා පත්වීම් ප්රදානය කිරීමට නියමිතය.
ඒ අනුව මෙහි දී,
කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ඛණ්ඩය යටතේ
Ø වෛද්ය සැපයීම් සහකාර 06
Ø වාට්ටු ලිපිකරු 50
Ø නිවාස පාලක/පාලිකා 37 දෙනෙකු සඳහා ද,
ප්රාථමික ශිල්පීය සේවා ගණය යටතේ
Ø සෞඛ්ය රියදුරු 07
Ø රෝහල් ඕවර්සියර් 121 දෙනෙකු සඳහා ද,
ප්රාථමික අර්ධ ශිල්පීය සේවා ගණය යටතේ
Ø සංචාරක බංගලා භාරකරු 03
Ø පෝක් ලිෆ්ට් යන්ත්ර ක්රියාකරු 07
Ø කරණවෑමි 01
Ø විකලාංග කාර්මික සහායක 37
Ø ජලනල කාර්මික 31
Ø මැහුම් ක්රියාකරු 64
Ø අරක්කැමි 144 දෙනෙකු සඳහා ද,
ප්රාථමික ශිල්පීය නොවන සේවා ගණය යටතේ
Ø සෞඛ්ය කාර්ය සහායක 651
Ø ක්ෂේත්ර මදුරු මර්දන සහායක 285 දෙනෙකු සඳහා ද පත්වීම් ලබාදීමට නියමිතය.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්රියාත්මක වන සෞඛ්ය සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම පත්වීම් ප්රදානය සිදු කෙරෙන අතර, රෝහල් සහ අනෙකුත් සෞඛ්ය ආයතනවල සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, මානව සම්පත් හිඟය අවම කිරීම සහ ජනතාවට ගුණාත්මක සෞඛ්ය සේවාවක් අඛණ්ඩව ලබාදීම මෙහි ප්රධාන අරමුණු අතර වේ.
මෙම පත්වීම් ප්රදානය කිරීමේ අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ නිලධාරින් සහභාගිවීමට නියමිතය.