වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්ර රාජකාරි අවශ්යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා විසින් ඊයේ (27) දෙපාර්තමෙන්තු පරිශ්රෙය්දි සිදු කෙරිණි.
අලිමිනිස් ගැටුම් සහ වන හානි වැඩි වශයෙන් වාර්තාවන ප්රදේශයන්වල අඩවි වන කාර්යාල සදහා මෙම වාහන ලබා දීමට අවධානය යොමුව ඇති අතර ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 40 ක් මෙහිදී අමාත්යවරයා විසින් සංකේතාත්මකව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා වෙත බත්තරමුල්ල දෙපාර්තමේන්තු පරිශ්රයේදී නිල වශයෙන් භාර දෙන ලදී.
අනෙකුත් යතුරුපැදි සහ රථ වාහන අවශ්යතාවය අනුව ඉදිරියේදී ප්රාදේශීය වනජීවී කාර්යාල තුලින් බෙදා දීමට නියමිතව ඇත. වාහන 294 ක් මිලදී ගැනීම සදහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84 ක් යතුරු පැදි 181 ක්, ට්රැක්ටර් 09 ක්, අත් ට්රැක්ටර් 01 සහ කෲ කැබ් 3 ඒ අතරට අයත් වේ.