ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස මහතා අභාවප්‍රාප්ත වෙයි.
මිය යන විට ඒ මහතා 72වැනි වියෙහි පසුවුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ ධර්මදාස මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු කිහිපයක්ම හොබවා ඇත.
ප්‍රකට ව්‍යාපාරික හා සමාජසේවක දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස (නවලෝක මුදලාලි) මහතාගේ සහ මීලින් ධර්මදාස මහත්මියගේ බාලම පුත්‍රයා වන උපාලි ධර්මදාස මහතා, නවලෝක රෝහල් සමූහයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ සහ මාලිනී, රුක්මණී, පුෂ්පා, ප්‍රියානි යන මහත්මීන්ගේ සහෝදරයාය.