Saturday, July 25, 2026
Follow Us
ජනාධිපති මන්දිරවල පුද්ගලයන් නවාතැන් ගෙන නැති බවට නිවේදනයක්

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම නිවේදනය පහත සඳහන් පරිදි වේ.

‘‘2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089ක් නවාතැන් අරන් මැයෙන් පලවී ඇති පුවත අසත්‍ය වන අතර, 2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂක අංශයේත්, මාධ්‍ය සහ අනෙකුත් අංශ වලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇත.

එහෙත් මේ නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැත.