මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 78,125 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඊයේ (21) දිනයේදී රෝගීන් 1,097 දෙනෙකු වාර්තාවී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
මෙම වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 56 ක් සිදුවී ඇති අතර, රෝගීන් මියයෑමේ අනුපාතිකය 0.07% ක් ලෙස සටහන් වේ.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එය මුළු රෝගීන්ගෙන් 52.78%ක් එනම් රෝගීන් 41,236ක් වේ.
තමන් අවට පරිශ්‍රයන් පිරිසිදුව තබා ගන්නා ලෙසත් උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.