Tuesday, July 21, 2026
Follow Us
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයින් පත් කරේ
තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයින් 6දෙනෙකු පත් කිරීම අද (20දා) තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ දී සිදු කෙරුණි.
ඒ අනුව ජාතික තරුණ සේවා සභාව සඳහා නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස වෛද්ය අනුර දිසානායක, නියාස් මොහොමඩ් ඉර්ෂාඩ්, විශ්වනාත් එදිරිසිංහ , සංජීව ගුණරත්න, එච්. හේරත්, චමින්ද ප්රසාද් කුමාරතුංග යන මහත්වරුන් පත් කළහ.
එම නව පත්කිරීම් වලින් අනතුරුව තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා සහ තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩලය සමග සාකච්ඡාවක් ද පැවැත්විය.
එම අවස්ථාවේදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ තරුණ සංවර්ධන වැඩසටහන්වල දී ඉලක්කයක් සහිතව කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා විවිධ ක්ෂේත්ර ඔස්සේ අධ්යක්ෂ මණ්ඩලයේ සහයෝගය අවශ්යය වන බවත්ය.
එම අවස්ථාවේ අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේ , අරමුණු සහගත වැඩපිළිවෙළක් ඔස්සේ අධ්යක්ෂ මණ්ඩලය ලෙස ජාතික තරුණ සේවා සභාවේ කාර්යයන් සඳහා සක්රීය දායකත්වය ලබාදෙන ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
එමෙන්ම ඉදිරි තරුණ සංවර්ධන ව්යාපෘති පිළිබඳව අදහස් හා යෝජනා ලබා දෙන ලෙස ද අමාත්යවරයා ප්රකාශ කළේය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න, ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කරන මහේෂ් අඹේපිටිය, සුදන්ත මාධව, චන්ද්රලතා උනන්තැන්න, නීතිඥ අනුරාධ මේඝවර්ණ, ජනහා සෙල්වරාසා, චතුර පීරිස්, රුවන් හේවාසිංහ, තුමුල හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.