Thursday, March 05, 2026
Follow Us
ලිට්‍රෝ සභාපති එළියට

ජනපති මුතුරාජවෙල හදිසි නිරීක්ෂණ චාරිකාවක

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වනවා.

සංයුතිය වෙනස් කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා හැරීම හේතුවෙන් පසුගිය දිනවල දිවයින පුරා ගෑස් ළිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව නිසි අයුරින් දැනුවත් නොකිරීම සහ දිගින් දිගටම ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මාධ්‍ය මග හැර සිටීම හේතුවෙන් ඔහු දැඩි අප්‍රසාදයට ලක් වුණා.

කෙසේ වෙතත් , තෙෂාර ජයසිංහගේ ඉවත් වීම හරහා හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා පත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට මුතුරාජවෙල – මාබිම ලිට්‍රෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වන බවටද වාර්තා වනවා.

(Aruna)