Thursday, March 05, 2026
Follow Us
දේවස්ථානයෙන් හමු වූ අත්බෝම්බය ගැන අනාවරණයක්

බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී ඊයේ පස්වරුවේ සොයා ගැනුණු අත්බෝම්බය යම් ගිනි ඇවිලීමක් සිදුවූ අවස්ථාවක පුපුරා යන ආකාරයෙන් අටවා තිබූ බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා අතරින් අදාළ ස්ථානයේ බෝම්බය තැබූ පුද්ගලයා හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ.

එම සැකකරු විසින් බෝම්බය අදාළ ස්ථානයේ තැබීම සඳහා 13 හැවිරිදි දරුවෙකු ද යොදවා ගෙන ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

(Neth)