Thursday, March 05, 2026
Follow Us
වැලිකඩ බන්ධනාගාර නඩුවේ තීන්දුව එයි : හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ට මරණ දඬුවම නියම කෙරේ

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව කළු තුෂාරා යන රැඳවියාව පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම නියම කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර තිබෙනවා.

මේ අතර පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීවට එරෙහිව ගොනු කර ඇති චෝදනා කිසිවක් සනාථ නොවීම නිසා ඔහුව මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

අධිචෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා තිබෙනවා.

(Neth)