Thursday, March 05, 2026
Follow Us
ප්‍රභේදය කුමක් වුවත් එන්නත්කරණය තුලින් ආරක්ෂාව ලැබෙනවා : වෛද්‍ය විශේෂඥයින් කියයි

කුමන ප්‍රභේද පැමිණිය ද එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්නම් එමඟින් ආරක්ෂාවක් සැපයෙන බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර පවසනවා. ඔහු කියා සිටියේ විවිධ ප්‍රභේද පැමිණීමත් සමඟ ලබාදෙන මාත්‍රා ගණන ද වැඩිවිය හැකි බවයි.

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයන් එකට එකතුවීමෙන් සෑදුනු ”ඩෙල්ටක්‍රෝන්‘ ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවටද පැමිණිය හැකි බව සෞඛ්‍ය අංශ ඊයේ පැවසුවා. ඒ, ”ඩෙල්ටක්‍රෝන්‘ ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමට සයිප්‍රසයේ විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

(Neth)