Thursday, March 05, 2026
Follow Us
කොළඹ වරාය නගරයේ පදික මංතීරුව අද සිට ජනතාවට විවෘතයි

කොළඹ වරාය නගරයේ පදික මංතීරුව සහ සැහැල්ලූ යාත්‍රා අංගනය විවෘත කෙරේ


කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලූ යාත්‍රා අංගනය ඊයේ (09) විවෘත කෙරුණි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මේ වන විට දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වයෙනි.

පදික මංතීරුව අද සිට පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා ජනතාව වෙනුවෙන් විවෘත කෙරෙනු ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමටද අවස්ථාව සලසා දී තිබේ.

(Aruna)