Thursday, March 05, 2026
Follow Us
කුකුළු මස් හා බිත්තර හිගයක අවදානමක්

සත්ත්ව ආහාර නොමැතිවීම හේතුවෙන් බිත්තර සහ කුකුළුමස් නිෂ්පාදකයින් දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.

සත්ත්ව ආහාර කඩිනමින් ලබාදීමට නොහැකිවුවහොත් ඉදිරියේදී බිත්තර සහ කුකුළුමස් හිගයක් ද රටතුළ මතුවිය හැකි බවයි සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ.

උත්සව සමයේ කුකුළු මස් සඳහා ඉහළ ඉල්ලුමක් පැවැති අතර මිල ද සීග්‍රයෙන් ඉහළ ගියා. කෙසේවෙතත් මේවනවිට ඉල්ලුම අඩුවීම හේතුවෙන් කුකුළුමස් සහ බිත්තර මිල අඩුවෙමින් ඇති බවයි සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ.

(Neth)