Thursday, March 05, 2026
Follow Us
අනුව සහල් ආනයනය කිරීමට කිසිඳු අවශ්‍යතාවක් නෑ -  සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය

මහ බැංකුව සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ මැද භාගය දක්වා මෙරට පරිභෝජනය සඳහා වී තොග මේවනවිට තිබිය යුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එම දත්තවලට අනුව සහල් ආනයනය කිරීමට කිසිඳු අවශ්‍යතාවක් මේවනවිට නොමැති බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පෙන්වා දෙන්නේ.

මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මේවනවිට සහල් මිල දිනෙන් දින ඉහළ දමමින් ඇති බවයි ඔහු මෙහිදී ප්‍රකාශ කළේ.

(Neth)