Thursday, March 05, 2026
Follow Us
බූස්ටර් මාත්‍රාව ගැන අසත්‍ය මත පතුරවන්නන්ට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලීමක්

අපේක්ෂා කළ අයුරින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම වේගවත් වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ දක්වා ලක්ෂ 41 ක පමණ පිරිසක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

මිලියන 10 ඉක්මවූ පිරිසක් ඉදිරියේදී එම මාත්‍රාව ලබාගනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

ඇතැම් පාර්ශව එන්නත්කරණයට කඩාකප්පල් කිරීමේ වෑයමක නිරතව සිටින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

එවැනි පිරිස්වලට එරෙහිව නිරෝධායන පනත යටතේ ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් එම සංගමය ඉල්ලීමක් කළා.

(Neth)