Thursday, March 05, 2026
Follow Us
දැන් ඩෙංගු හැදුනොත් මුල් දවස් දෙක අවදානම්

ඩෙංගු ගැන අලුත්ම අනාවරණයක්


මේ දිනවල පැතිර යන්නේ ඩෙංගු වයිරසයේ තුන්වැනි ප්‍රභේදය බැවින් එය ශරීර ගතවී දින දෙකක් තුළ අවදානම් තත්ත්වයක් හෝ සංකූලතාවක් ඇතිවිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

එබැවැන් යම් අයකුට ‘උණ’ වැනි රෝග ලක්ෂණයක් මතුවූ වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් බවද හෙතෙම අවධාරණය කළේය.

විශේෂයෙන්ම මේ දිනවල උණ වැළඳුණහොත් එය කොවිඩ් යැයි නොසිතා ‘ඩෙංගු’ යැයි සිතා ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

තවද, මේ දිනවල කිසිවකුට උණ පවතින්නේ නම් උණ සුව වූ පසුව පමණක් කොවිඩ් එන්නත ලබා ගන්නැයිද හෙතෙම ඉල්ලීමක් කළේය.

(Aruna)