Thursday, March 05, 2026
Follow Us
රට තුළ නව ප්‍රභේදයක් පැතිරෙනවා

ජනතාව ඉතා පරිස්සම් විය යුතුයි


මෙරට තුළ ඩෙංගු නව ප්‍රභේදයක් පැතිරෙමින් තිබෙන බැවින් ජනතාව ඉතා පරිස්සම් විය යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ ඩෙංගු 3 ලෙස හැදින්වෙන මෙම නව ප්‍රභේදය මගින් රෝග ලක්ෂණ ඉතා ඉක්මනින්ම මතුවී අමාරු වන බවයි.

විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම නව ප්‍රභේදය තදිනම පවතින බව වෛද්‍යවරයා සදහන් කරයි.
යම්අයෙකුට දින දෙක තුන එක දිගට උණ පවතී නම් වහාම පරීක්ෂණවලට ද යොමුවන ලෙස වෛද්‍යවරයා ඉල්ලා සිටියි.

(Aruna)