Thursday, March 05, 2026
Follow Us
යළිත් වරක් විදුලි කප්පාදුවක්

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කියන කතාව


ඉන්ධන අර්බුදය හේතුවෙන් යළිත් වරක් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසති.

ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ,

ඉන්ධන අර්බුදය හේතුවෙන් සපුගස්ගන්ද තාප විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු මේ වන විට නතර වී ඇති බවය.

ජල විදුලි නිෂ්පාදනය ද අවම වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

(Aruna)