Thursday, March 05, 2026
Follow Us
සියලුම සිසුන් පාසල්වලට එකවර කැඳවීම සම්බන්ධයෙන් ගුරු සංගම් අදහස් දක්වයි

සියලුම සිසුන් පාසල්වලට කැඳවීම සදහා කටයුතු කිරීමේදී වඩාත් ආරක්‍ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා. එහි ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට ගුරුවරුන් සූදානම් බවයි.

මෙම තීරණය හමුවේ කිසියම් ගැටළුවක් මතු වුවහොත් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් භාරගත යුතු බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ.

(Neth)