Thursday, March 05, 2026
Follow Us
වැලිකඩ නඩුවේ තීන්දුව අද

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉකුත් දෙසැම්බර් මස 10 වනදා නඩුව කැදවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නඩුවේ තින්දුව අද ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.

අධිචෝදනා 33 ක් යටතේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබෙනවා.

(Neth)