Thursday, March 05, 2026
Follow Us
ඩෙංගු අවදානම ඉහළට

ඩෙංගු වලට විශේෂ මදුරු මර්දනය වැඩසටහනක්


ඩෙංගු රෝගීන් වාර්තා වීම දෙසැම්බර් මාසයේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඩෙංගු අවදානම සැලකිල්ලට ගෙන හෙට(04) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් අවදානම වැඩි දිස්ත්‍රික්ක 15 ක ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අදාල දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 81ක එම වැඩසටහන ලබන 10 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය

(Aruna)