Saturday, May 02, 2026
Follow Us
එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සති දෙකකින් කල් යයි

පොදු ස්ථානවලට ඇතුලුවීමේදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම බලාත්මක කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

එම කාඩ්පත අද සිට අනිවාර්ය කිරීමට මීට පෙර තීරණය කර තිබුණා. එය බලාත්මක කිරීමේ කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

(Neth)