Thursday, March 05, 2026
Follow Us
2021 රිය අනතුරුවලින් 2000 ක් මරුට

ගෙවුණු මාස 11 දී මුළු රිය අනතුරු 20280ක්


ගෙවුණු මාස 11 දී මාරක රිය අනතුරු 1993ක් සමග සිදු වූ මුළු රිය අනතුරු විසිදහස් දෙසිය අසූවකින් (20280) පුද්ගලයන් දෙදහස් අසූදෙදෙකකු (2082) මරනයට පත්ව තිබෙන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් ඊයේ ( 30 වැනිදා) පැවැසීය.

රිය අනතුරුවලින් සිදුවූ පුද්ගල මරණවලින් පදිකයින් 526 ක්, යතුරුපැදිකරුවන් 776 ක් , පසු පැදිකරුවන් 130 ක්, රියැදුරන් 231 ක්, මගීන් 238 ක් සහ වෙනත් පුද්ගලයින් (හඳුනා නොගත්) 28 ක් ජීවිතක්ෂ්‍යට පත්ව තිබේ.

පොලිස් රථ වාහන අංශයෙන් ලබාගත් තොරතුරුවලට අනුව සිදුවූ මාරක රිය අනතුරු අතර පෞද්ගලික බස් රථ අනතුරු 95ක් ,ශ්‍රී ලංගම බස් රථ අනතුරු 30 ක්, ලොරි අනතුරු 326 ක්, කන්ටේනර් රථ අනතුරු 29 ක්, කාර් රථ අනතුරු 154 ක්, යතුරු පැදි අනතුරු 778 ක් ද්විත්වකාර්ය වහාන අනතුරු 244 ක් ත්‍රිරෝද රථ අනතුරු 254ක් පාපැදි අනතුරු 18 ක්, ට්‍රැක්ටර් අනතුරු 25ක් , ඉඩම් වාහන අනතුරු 11 ක් සහ හප්පා පලායාම් අනතුරු 29 ක් වාර්තා වූ බව සභාපතිවරයා පැවැසීය.

සිදුව තිබෙන රිය අනතුරුවලින් මාරක රිය අනතුරු වලට අමතරව බරපතළ තුවාල සිදුවූ රිය අනතුරු 5667 ක්, සුළු තුවාල රිය අනතුරු 7541 ක් සහ අලාභ හානි වූ රිය අනතුරු 5079 ක් අනාවරණය වේ.

(Aruna)