Thursday, March 05, 2026
Follow Us
දේශීය කිරිපිටි මිලත් ඉහළට

දේශීය කිරිපිටි ග්‍රෑම් 400 ක පැකැට්ටුවක වැඩිවන මිල මෙන්න


දේශීය කිරිපිටි ග්‍රෑම් 400 ක පැකැට්ටුවක මිලද රුපියල් 20 කින් පමණ වැඩිවනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් කීවේය.

දේශීය කිරිපිටි නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගමකට අයත් නුගේගොඩ පිහිටි වෙළෙඳ සලක් ඊයේ (30 වැනිදා) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා මේ බව පැවැසීය. මෙරට කිරිපිටි සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් ජනතාවට පෝලිමේ ගොස් කිරි පිටි මිලදී ගැනීමට සිදුව ඇතැයිද ඇමැතිවරයා කීවේය.
මෙරට කිරි නිෂ්පාදනය අඩුවීම වළක්වා ගැනීමට ගොවියාට සාධාරණ මිලක් ලබාදිය යුතු බවද ඔහු කීවේය.

(Aruna)